ගින්දර වැනි වූ මාධ්‍ය භාවිතය මිනිසාගේ යහපත වෙනුවෙන් යොදාගැනීම ජනමාධ්‍යවේදීන්ගේ වගකීමක් බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා. එමෙන්ම රජයේ ප්‍රතිපත්තිය වාරණය නොව නිවාරණය බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදයේ 25 වන වාර්ෂික සමුළුවෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මේ බව කියාසිටියා. මෙරට සංහිදියාව සහජීවනය සහයෝගීතාව හා සමානාත්මතාව වෙනුවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය ලබාදෙන දායකත්වය සුලුපටු නොවන බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.
මාධ්‍ය කෂේත්‍ර යේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ මුස්ලිම් ජනමාධ්‍යවේදීන් ඇගයීම ද මෙහිදී සිදුකෙරුණා. මෙම අවස්ථාවට ගෞරවණීය ආරාධිතයා ලෙස ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී නවාස්ගානි එක්ව සිටියා. ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදයේ සභාපති එන් එම් අමීන්,ලේකම් සාදික් ෂිහාන් ඇතුළු පිරිසක් ඊට සහභාගි වුණා.
The post මිනිසාගේ යහපත වෙනුවෙන් මාධ්‍ය යොදාගැනීම ජනමාධ්‍යවේදීන්ගේ වගකීමක් appeared first on ITN News.
Post a Comment