ඉදිරි ආර්ථික ගමන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පිහිටවූ අමාත්‍ය මණ්ඩල අනුකමිටු ත්‍රිත්වය අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්ගේ ප්‍රධානත්වයෙන් රැස්වුණා.
බන්දුල ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ, නාමල් රාජපක්ෂ යන අමාත්‍යවරුන් අනුකමිටුවල සාමාජිකයන් ලෙස කටයුතු කරනවා. අපනයනය ඉලක්ක කරගත් කර්මාන්ත සඳහා අවශ්‍ය වන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය, අමුද්‍රව්‍ය සහ කාර්මික භාණ්ඩ මෙරටට ආනයනය කරන රටවල් සමඟ මෙම කමිටුව සාකච්ඡා සිදුකරනවා. ආර්ථික ස්ථාවරත්වය සහ වේගවත් ප්‍රගතියක් ළගා කරගැනීම සඳහා ශ්‍රී ලංකාවට හවුල්කාර රට වලින් ඉල්ලුම් කළ හැකි හදිසි අවශ්‍යතා පිළිබද ලැයිස්තුවක් අමාත්‍යාංශ සහ ආයතන වලින් ලබාගන්නා ලෙස අනුකමිටුව නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
The post අමාත්‍ය මණ්ඩල අනුකමිටු ත්‍රිත්වය රැස්වෙයි appeared first on ITN News.
Post a Comment