කොග්ගල ප්‍රදේශයේ ඇගලුම් කම්හලක සේවක සේවිකාවන් 400 දෙනෙකු ආහාර විෂවීමෙන් රෝහල් ගත කර තිබෙනවා.
මෙම ඇගලුම් කම්හලෙන් ලබා දුන් ආහාර අනුභව කිරීමේ පසු සේවක සේවිකාවන් ක්ලාන්ත වීම ඇතුළු විවිධ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමටයි පියවර ගැනුනේ. ඇගලුම් කම්හලේ සේවක සේවිකාවන් 1200 ක් පමණ සේවය කර අතර ඔවුන්ගෙන් 400 දෙනෙකු මෙසේ රෝගාතුර වී ඇති බවයි පැවසෙන්නේ.
කෙසේ වුවද ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබෙනවා.
The post ඇගලුම් කම්හලක ආහාර විෂ වී 400 දෙනෙකු රෝහලේ appeared first on ITN News.
Post a Comment