Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රඹුක්කනදී පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුමෙන් අයෙකු මරුට  

Add comments

පැය 15ක් පුරා ප්‍රධාන මාර්ග 3ක් වසා දමමින් කලහකාරී ලෙස හැසිරුණු පිරිසක්  රඹුක්කන දී පොලිසිය සමග අද සවස ගැටුම්කාරී තත්ත්වයක් ඇතිකර ගත්තා. එහිදී වෙඩි වැදුණු එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මේ මොහොත වන විටත් රඹුක්කන සහ ඒ අවට ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් සපයා ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයන් සිදුකරමින් පවතින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා.

අද අලුයම 1.30ට පමණ ඉන්ධන පිරවුම්හලක සිටි පිරිසක් මිල වැඩි කිරීමට පෙර තිබු මිලටම ඉන්ධන ඉල්ලමින් කලහකාරී ලෙස හැසිරීමට පටන්ගත් බවයි වාර්තා වන්නේ. එම සිද්ධිය කලහකාරී තත්ත්වයකට පසුව පත්ව තිබෙනවා. මෙය මැඩපැවැත්වීමට පොලිසිය දැඩි උත්සාහයක් ගන්නා අයුරුද දැකගන්නට ලැබුණා. උදෑසන වන විට සිද්ධිය තවත් උණුසුම් වූ අතර සංවිධානාත්මකව පැමිණි පිරිස් රඹුක්කන මාවනැල්ල,  රඹුක්කන කෑගල්ල හා රඹුක්කන කුරුණෑගල යන ප්‍රධාන මාර්ග තුනේම ගමනාගමනය මුළුමනින්ම අවහිර කරමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණා. මහනුවර කොළඹ දුම්රිය මාර්ගය,  රඹුක්කන ප්‍රදේශයෙන් අවහිර කරමින් දුම්රිය ගමනාගමනයට බාධා කළ කලහකාරීන් දුම්රියට ද හානි සිදුකොට තිබෙනවා. පැය 15 කට අධික කාලයක් පැවති මෙම නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට පොලිසිය දැඩි උත්සාහයක් ගත් අතර කලහකාරී පිරිස් විසින් ඉන්ධන පුරවා තිබූ බවුසර් රථයකට ද දැඩි හානි සිදුකරමින් ගිනි තැබීමට උත්සාහයක් ගත් බවට ද වාර්තා වනවා. එය පාලනය කිරීමට පොලිසිය කදුළු ගෑස් ප්‍රහාර එල්ලකළ අතර කලහකාරීන් විසින් පොලිසියට ද ගල්මුල්වලින් පහර දී තිබෙනවා. මේ අවස්ථාවේදී කලහකාරී පිරිස් පොලිස් නිලධාරීන් සමග සෘජු ගැටුමකට මුල්වී ඇති අතර එය පාලනය කිරීම පොලිසිය විසින් සිදුකළ වෙඩි තැබීම් වලින් එක් පුද්ගලයෙක් මරුමුවට පත්වී තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූවන් අතර පොලිස් නිලදාරීන් 10 දෙනෙකු ද සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කරන්නේ.

 

 

 

 

The post රඹුක්කනදී පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුමෙන් අයෙකු මරුට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG