ලොව මෙතෙක් නිෂ්පාදනය කළ ප්‍රබලතම බැලැස්ටික් මිසයිලයක් රුසියාව අත්හදා බැලුවා. එය නම්කර ඇත්තේ RS-28 Sarmat බැලැස්ටික් මිසයිලය ලෙසයි.
රුසියාව නව RS-28 Sarmat අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලය සාර්ථක ලෙස අත්හදා බැලූ බව එරට ආරක්ෂක අංශ තහවුරු කරනවා. මෙම බැලැස්ටික් මිසයිලය එරට උතුරු ප්‍රදේශයේ පිහිටා ඇති අභ්‍යවකාශ මධ්‍යස්ථානයක සිටයි අත්හදා බලා ඇත්තේ. එම මිසයිලය රට වටා පියාසර කර රුසියාවේ නැගෙනහිර ප්‍රදේශයේ ස්ථානයකදී පුපුරායාම සඳහා කටයුතු කළ බවයි රුසියා ආරක්ෂක අංශ සඳහන් කරන්නේ. රුසියාව නව ආයුධ භාවිත කිරීම සඳහා ගෙන ඇති අත්හදා බැලීම් මාලාවේ පළමුවන අත්හදා බැලීම මෙය බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා. ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සඳහන් කරන්නේ මෙම මිසයිලය අත්හදාබැලීම රුසියාවට ඉතා වැදගත් සිදුවීමක් බවයි. ලොව මෙතෙක් ඇති කිසිඳු මිසයිල නාශක පද්ධතියකට හසුනොවී ගමන් කිරීමේ හැකියාව නව මිසයිලය සතුව පවතිනවා. නව මිසයිලයේ අත්හදා බැලීම් මෙම වසරේ අගභාගයේ දී අවසන් කිරීමට අපේක්ෂා කෙරෙන අතර අනතුරුව නිල වශයෙන් යුද මෙහෙයුම් කටයුතු සඳහා යොදාගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.
The post ලොව මෙතෙක් නිෂ්පාදනය කළ ප්‍රබලතම බැලැස්ටික් මිසයිලයක් රුසියාව අත්හදා බලයි appeared first on ITN News.
Post a Comment