දිවයින පුරා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවෙමින් පවතිනවා. බොහෝ ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව පොලිස් ආරක්ෂාව යොදා ඇති අයුරු දැකගත හැකියි.
දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් වෙත බවුසර් මගින් ඉන්ධන තොග බොදා හැරීම අඛණ්ඩව සිදුකිරීමටයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත්තේ. බවුසර් සදහා විශේෂ ආරක්ෂාවක් ද ලබාදීමට කටයුතු කර තිබෙනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල්වල සාමාන්‍යපරිදි ඉන්ධන ලබාදීම් සිදුවනවා. පොලිස් නිලධාරීන් ද රාජකාරියේ යොදවා ඇති අතර සිපෙට්කෝ හා අයිඕසී ඉන්ධන පිරවුම්හල්වලින් බාධාවකින් තොරව ඉන්ධන ලබාගැනීමට හැකියාව පවතින අතර ඉන්ධන තොග මෙතෙක් ලැබී නොමැති ඉන්ධනහල් වෙතද අදාළ ඉන්ධන තොග ඉදිරි පැය කීපය තුළ ලැබෙනු ඇති බවයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සදහන් කරන්නේ.
The post දිවයින පුරා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි appeared first on ITN News.
Post a Comment