Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රංගන ශිල්පි විල්ස්මිත් ඔස්කාර්ස් ඇකඩමියෙන් ඉල්ලා අස්වෙයි  

Add comments

පසුගිය ඔස්කාර් සම්මාන උළෙලේදී ආන්දෝලනාත්මක සිද්ධියක් ඇති කළ රංගන ශිල්පි විල්ස්මිත් ඔස්කාර්ස් ඇකඩමියෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ප්‍රහසන රංගන ශිල්පියෙකු ක්‍රිස්රොක් වෙත වේදිකාව මතදී අතුල්පහරක් එල්ල කිරීම හේතුවෙන් ඔහු සම්බන්ධයෙන් දැඩි කතාබහක් ලොව පුරා ඇති වුණා. මේ පිළිබදව  පසුව අදහස් පළ කළ විල්ස්මිත් සඳහන් කළේ තමන් අතින් සිදුවූ වරද ඉතා වේදනාකාරී වන අතර කිසිදා සමාව ලබාදිය නොහැකි දෙයක් බවයි. විල් ස්මිත්ගේ ඉල්ලා අස්වීම ඔස්කාර්ස් ඇකඩමිය භාරගෙන තිබෙනවා. ඔහු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනිමට ද එම ඇකඩමිය ඉදිරියේදී කටයුතු කරනු ඇති. විල් ස්මිත්ගේ බිරිදගේ හිසකෙස් සම්බන්ධයෙන් ක්‍රිස් රොක් සිදුකළ විහිලුවකට උරනවීමෙන් විල් ස්මිත් මෙම අතුල්පහර එල්ල කර තිබෙනවා.

 

 

 

The post රංගන ශිල්පි විල්ස්මිත් ඔස්කාර්ස් ඇකඩමියෙන් ඉල්ලා අස්වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG