ඊයේ පැවති ප්රංශ ජනාධිපතිවරණයෙන් කිසිඳු අපේක්ෂකයෙකු 50% ක බහුතරය ලබා ගැනීමට සමත්වී නැහැ.
ඒ අනුව ප්රංශ ජනාධිපතිවරණයේ දෙවන වටය ලබන 24 වනදා පැවැත්වෙනු ඇති. ඊයේ පැවති මැතිවරණයෙන් ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් 27.35%ක ඡන්ද ප්රතිශතයක් හිමිකරගත් අතර අන්ත දක්ෂිණාංශික අපේක්ෂිකාව මරීන් ලූපෙන් හට ලබාගත හැකිවූයේ 23.97%ක ප්රතිශතයක් පමණයි. එමෙන්ම ජීන් ලූක් මෙලන්චෝන් හට හිමිකරගත හැකි වූයේ 21.7%ක ඡන්ද ප්රතිශතයක්. ඒ අනුව දෙවන වටයේ ඡන්ද විමසීමට ප්රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් හා මරීන් ලූපෙන් සුදුසුකම් ලබනවා. කෙසේ වුවද දෙදෙනා අතර තරගය තියුණු මුහුණුවරක් ගනු ඇති බවටයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.
The post ප්රංශ ජනාධිපතිවරණය උණුසුම් වෙයි – මැක්රෝන් හා මරීන් අතර තියුණු තරගයක් appeared first on ITN News.
Post a Comment