ඉක්වදොරයේ බන්ධනාගාරයක හටගත් ගැටුමකින් රැදවූවන් 43 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සැන්ටො ඩොමින්ගෝ ප්රදේශයේ පිහිටා ඇති බන්ධනාගාරයකයි මෙම ගැටුම හටගෙන ඇත්තේ. බන්ධනාගාර ගතව සිටි අපරාධ කල්ලි දෙකකට අයත් සාමාජිකයින් අතර මෙම ගැටුම හටගෙන ඇති අතර අධිකරණ නියෝගයක් මත එක් කල්ලියක නායකයෙකු වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීම මෙම ගැටුමට හේතුවී තිබෙනවා. සිද්ධියට සම්බන්ධ රැදවූවන් 112 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මියගිය සියලු පුද්ගලයින්ගේ මරණයට හේතුව පිහි ඇනුම් බව ද සඳහන්.
The post ඉක්වදොරයේ බන්ධනාගාරයක හටගත් ගැටුමකින් 43 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment