ඔමික්‍රෝන් ප්‍රභේදය හැර කොරෝනා වයිරසයේ වෙනත් ප්‍රභේදයක් චීනයේ ෂැන්ග්හයි නගරයෙන් හමුවී නොමැති බව සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා.
ඔමික්‍රෝන් ප්‍රභේදයට වඩා ඉක්මනින් ව්‍යාප්තවන වෙනත් ප්‍රභේදයක් ෂැන්ග්හයි නගරයෙන් හමුවී ඇති බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බවයි බලධාරීන් සඳහන් කරන්නේ. ෂෑන්ග්හයි නගරය තුළ වයිරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමඟ අදියර දෙකක් යටතේ නගරය වසා දැමුණා. කෙසේ වුවද වසා නොදැමූ ප්‍රදේශවලින් වයිරස ආසාදිතයින් වාර්තාවීමත් සමඟ නිරෝධායන නීති දැඩි කිරීමටයි පියවර ගැණුනේ. මේ වනවිට තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවද සඳහන්.
The post ඔමික්‍රෝන් හැර වෙනත් ප්‍රභේදයක් ෂැන්ග්හයි නගරයෙන් හමුවී නොමැති බව එරට සෞඛ්‍ය අංශ නිවේදනය කරයි appeared first on ITN News.
Post a Comment