ගතවූ පැය 24 ට ලොව පුරා රටවල් 224 කින් කොරෝනා වයිරස ආසාදිතයින් තුන්ලක්ෂ තිස්දහසකට අධික සංඛ්‍යාවක් හමුව තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව එක්දහස් හැත්තෑ හයක්.
ගතවූ පැය 24 ට හමුවූ වැඩිම වයිරස ආසාදිතයින් සංඛ්‍යාව පන 50,718 හමුව ඇත්තේ ඇමෙරිකාවෙන්. එමෙන්ම ජර්මනියෙන් හා ජපානයෙන් 40,000 බැගින් හා ඕස්ට්‍රේලියාවෙන් 37,000 ක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා. ගතවූ පැය 24 ට වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන 132 සිදුව ඇත්තේ ප්‍රංශයෙන්. ඒ සමගම ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හැටදෙලක්ෂ හැත්තෑඅට දහස් දහය දක්වා ඉහළ ගියා. හමුව ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව පනස් එක්කෝටි හැත්තෑ හත්ලක්ෂයකට අධිකයි.
The post ගතවූ පැය 24 ට වැඩිම ආසාදිතයින් ඇමෙරිකාවෙන් appeared first on ITN News.
Post a Comment