උතුරු කොරියාවෙන් පළමු වරට ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත කොරෝනා රෝගියෙකු හඳුනා ගැනුණා.
ඔමික්‍රෝන් කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයා හමුවීමත් සමඟ උතුරු කොරියාව වසා දැමීමටයි උතුරු කොරියා බලධාරීන් තීරණය කර ඇත්තේ. පළමු වරට කොරෝනා වයිරස ආසාදිතයෙකු උතුරු කොරියාවෙන් හමුවූයේ 2020 වසරේ පෙබරවාරි මාසයේදීයි. වසර දෙකකුත් මාස තුනකට පසුව මෙලෙස කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීම විශේෂත්වයක්.
මේ අතර කොරෝනා වයිරසය සඳහා නිකුත් කර ඇති එන්නත්ද උතුරු කොරියාව ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
The post උතුරු කොරියාවෙන් පළමු වරට ඔමික්‍රෝන් ආසාදිත රෝගියෙකු හඳුනා ගැනේ appeared first on ITN News.
Post a Comment