Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තායිලන්ත වැසියන්ට ගෘහස්ථ බෝගයක් ලෙස ගංජා වගා කිරී‌මට අවසර  

Add comments

තායිලන්ත රජය ගංජා පැළ මිලියනයක් නිවෙස්වලට බෙදා දීමට කටයුතු කරන බව එරට සෞඛ්‍ය අමාත්‍යවරයා පවසනවා.

තායිලන්ත රජය එම ගංජා පැළ මිලියනය ජුනි මාසයේ දී නිවෙස්වලට බෙදා හරින බවයි එරට සෞඛ්‍ය අමාත්‍ය අනුටින් චරන්විරාකුල් පවසන්නේ. ජුනි 9 වනදා සිට මෙම නව නිතීය බලාත්මක වීමට නියමිතයි. ඒ අනුව තායිලන්ත වැසියන්ට ජුනි මාසයේ සිට ගෘහස්ථ බෝගයක් ලෙස ගංජා වගා කිරී‌මේ අවස්ථාව හිමි වනවා.

කෙසේ නමුත් එම පැළ ඖෂධීය අරමුණු සඳහා පමණක් භාවිත කළ යුතු වනවා. එමෙන්ම බලපත්‍ර නොමැතිව වාණිජ අරමුණු සඳහා ගංජා භාවිත කිරීමේ හැකියාවක් ද නැහැ. අපනයන භෝගයක් ලෙස ගංජා ප්‍රවර්ධනය කිරීම තායිලන්තයේ නවතම පියවර වනවා. මේ තුළින් සංචාරකයින් ආකර්ෂනය කරගැනීම සහ විදේශ විනිමය ගෙන්වා ගැනීම ඔවුන්ගේ අරමුණයි.

 

 

The post තායිලන්ත වැසියන්ට ගෘහස්ථ බෝගයක් ලෙස ගංජා වගා කිරී‌මට අවසර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG