Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බංග්ලාදේශයේ ගබඩා සංකීර්ණයක පිපිරීමකින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවතක්ෂයට  

Add comments

බංග්ලාදේශයේ ගබඩා සංකීර්ණයක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවතක්ෂයට පත්ව තිබෙනවා. මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

පිපිරීමෙන් තුවාල ලැබූ සියයකට අධික සංඛ්‍යාවක් රෝහල් ගතකර ඇති බව වාර්තා වනවා.තුවාල ලැබූ පිරිස අතරින් 20 දෙනෙකුගේ පමණ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. ඔවුන්ගේ ශරීරයෙන් 60% ත් – 90% ත් අතර ප්‍රමාණයක පිළිස්සුම් තුවාල ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. තුවාල ලැබූ පිරිස අතරට කම්කරුවන් , ගිනි නිවන භටයින් සහ පොලිස් නිලධාරීන් ද ඇතුළත්. ගින්න සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට මේ වනතෙක් සමත්වී නැහැ.  නැගෙනහිර බංග්ලාදේශයේ සිටාකුන්ඩා නගරයේ ගබඩා සංකීර්ණයක හටගත් ගින්නක් මැඩපවත්වමින් සිටියදීයි මෙම පිපිරීම සිදුව ඇත්තේ. කෙසේ වුවද පිපිරීමට හේතුව මේ වනතෙක් අනාවරණය වී නැහැ. ගබඩා සංකීර්ණයේ බහාලුම් තුළ රසායනික ද්‍රව්‍ය අඩංගු බහාලුම් තිබෙන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ. පිපිරීමත් සමඟ අවට ගොඩනැගිලි කිහිපයක ද අලාභහානි සිදුව ඇති අතර එහි බලපෑම කිලෝමීටර් 4 ක් පමණ දුරට දැනී ඇති බවද සඳහන්.

 

The post බංග්ලාදේශයේ ගබඩා සංකීර්ණයක පිපිරීමකින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG