චීනයේ ෂෙන්චෞ 14 අභ්‍යාවකාශ යානය හෙට(5) ගුවන් ගත කිරීමට නියමිතයි. චීනයේ මිනිසුන් සහිත අභ්‍යාවකාශ ව්‍යාපෘතිය පිළිබඳ ප්‍රවෘත්ති ප්‍රකාශක සහ චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ ඉංජිනේරු
කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Lin Xiqiang මහතා අද (4) පැවති චීන ගගනගාමීන් රැගත් ෂෙන්චෞ 14 අභ්‍යාවකාශ යානය ගුවන් ගත කිරීමේ මෙහෙයුම පිළිබඳ මාධ්‍ය හමුවේ දී මේ බව හෙළි කළේය.
ෂෙන්චෞ 14 මෙහෙයුම අතරතුර, මූලික කාර්ය භාරය ලෙස Tianhe ප්‍රධාන මොඩියුලය, Wentian පර්යේෂණාත්මක මොඩියුලය සහ Mengtian පර්යේෂණාත්මක මොඩියුලය සහිත අභ්‍යාවකාශ
මධ්‍යස්ථානය ඉදිකිරීම සම්පූර්ණයෙන්ම අවසන් කෙරෙන අතර ජාතික අභ්‍යවකාශ විද්‍යාගාරයක් ගොඩනැගීම සිදු කෙරෙනු ඇති බව ද හෙතෙම
විස්තර කළේය.
චීන ගගනගාමීන් රැගත් ෂෙන්චෞ 14 අභ්‍යාවකාශ යානය බෙයිජිං වේලාවෙන් හෙට(5) උදෑසන 10:44ට ගුවන් ගත කිරීමට නියමිතව තිබේ. අභ්‍යාවකාශ මධ්‍යස්ථාන පියාසර මෙහෙයුමේ ප්‍රධාන මූලස්ථානයේ පර්යේෂණ හා තීරණයට අනුව, Chen Dong, Liu Yang සහ Cai Xuzhe යන ගගනගාමීන් තිදෙනා ෂෙන්චෝ 14 මෙහෙයුමට එක්වනු ඇති අතර, Chen Dong අණදෙන නිලධාරියා ලෙස ක්‍රිය කරයි.
The post චීනයේ ෂෙන්චෞ 14 අභ්‍යාවකාශ යානය හෙට ගුවන් ගත කෙරේ appeared first on ITN News.
Post a Comment