වෛද්‍ය සැපයුම් කළමනාකරණය සඳහා ස්ථාපිත කර තිබූ මෘදුකාංග පද්ධතිය සඳහා රුපියල් මිලියන 644 ක වියදමක් සිදුවූ බවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ඊවිස් ආයතනයේ සභාපති සංජීව වික්‍රමනායක මහතා පවසනවා.
වෛද්‍ය සැපයුම් කළමනාකරණය සඳහා රුපියල් මිලියන 644 ක වියදමින් ස්ථාපිත කර තිබූ මෘදුකාංග පද්ධතියක් නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවත් එය නිර්මාණය කර ඇත්තේ ඊවිස් ආයතනයෙන් බවත් පසුගියදා කෝප් කමිටුවේදී අනාවරණය වුණා. ඒ සම්බන්ධයෙන් ඊවිස් ආයතනය ප්‍රකාශකර සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සියලුම තොරතුරු ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී හෙළිකරන බවයි. ඒ අනුව සංවිධාන කළ මාධ්‍ය හමුවකදී සංජීව වික්‍රමනායක මහතා එම සියලු කරුණු හෙළිදරව් කිරීකමට කටයුතු කළා. ඔහු පවසන ආකාරයට මෙවැනි පද්ධතියක් නිර්මාණය කිරීම සදහා ඇනවුම් ලැබී ඇත්තේ 2008 වසරේදීයි. ඒ සදහා තවත් ආයතන පහක් ටෙන්ඩර් ඉදිරිපත් කර තිබුණා. එමගින් ඊවිස් ආයතනය තේරී පත්වූ බවයි වික්‍රමනායක මහතා සදහන් කළේ. එම ඇනවුම් සදහා තම ආයතනය රුපියල් මිලියන 223 ක් ඇතුළත් කර තිබුණා. අදාළ මෘදුකාංගයට මිලියන 83 කුත්, ජෙනරේටර්, පරිගණක 300 ක්, යූපීඑස් 300 ක්, මුද්‍රණ යන්ත්‍ර 300 ක් සහ මුළු දිවයිනේනම රෝහල් පද්ධතිය ආවරණය වන පරිදි ජාලකරණය කිරීම්ද මෙම වියදම් සදහා අන්තර්ගතවී තිබුණා. මෙම කළමනාකරණ පද්ධතිය තුළින් දිවයිනේ සියලුම රෝහල් වල ඖෂධ ප්‍රමාණයන්ගේ දත්ත ඇතුළත් කර තිබේ. සෞඛය අමාත්‍යාංශයට හදුන්වා දුන් පළමු ජාලකරණ පද්ධතිය මෙය වන බවයි වික්‍රමනායක මහතා පෙන්වා දුන්නේ. මාසිකව මිලියන 5 ක මුදලක් ගෙවූ බවට එල්ල කරන චෝදනා ද ප්‍රතික්ෂේප කරන බව පවසන වික්‍රමනායක මහතා මිලියන 4.8 ක ගෙවීමක් සිදුවූ බවත් ඊට දිවයින පුරා රෝහල් දෘඩාංග නඩත්තු වියදම්, සන්නිවේදන වියදම්, මෘදුකාංග නඩත්තු වියදම් ඇතුළත් වූ බව කියාසිටියා.
කෝප් කමිටුවේ දී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාත් මේ සම්බන්ධයෙන් අදහස් පළකර තිබුණා.
The post වෛද්‍ය සැපයුම් පද්ධතිය ගැන චෝදනාවලට ඊ-විස් පිළිතුරු දෙයි appeared first on ITN News.
Post a Comment