Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යල කන්නය වෙනුවෙන් ගොවීන්ට ඉන්ධන නිකුත් කිරීමට දිවයින පුරා ඉන්ධනහල් 247ක්  

Add comments

2022 යල කන්නයේ  ගොවීන් සඳහා ඉන්ධන නිකූත් කිරිමේ වැඩ සටහන යටතේ දිවයින පුරා ඉන්ධන හල් 247කින් පහසුකම් සැලසීමට කටයුතු කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඊයේ පස්වරුවේ කෘෂි පර්යේෂණ නිලධාරින්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසක් සමග සාකච්ඡා කළ අමාත්‍යවරයා මීලඟ  මහ කන්නයේ දී අප රටේ සියලුම කුඹුරු අස්වැද්දීම සඳහා ගොවි ජනතාව උනන්දු කරවීමේ  වගකීම කෘෂි පර්යේෂණ නිලධාරින් බාර ගත යුතු බව අමාත්‍යවරයා  සඳහන් කළා.

මෙවර යල කන්නය කුඹුරු වගා කිරීම සඳහා  ගොවි ජනතාව මුහුණ දුන් ප්‍රධානම ගැටළුව වුයේ ඉන්ධන හිඟයයි. නමුත් රජය සමග සාකච්ඡා කර ගොවීන්ට වගාව සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීම සඳහා දිවයින පුරා පිහිටි ඉන්ධනහල්  247ක් නම් කර ඒ මගින් ගොවින්ට අවශ්‍ය ඉන්ධන ලබා දීමට පියවර ගනු ලැබුුුවා.

ජූනි මාස මුල් සතියේ මෙරට වගා කර තිබු කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 238,000ක්. ඒ මට්ටම අපේක්ෂිත ඉළක්කයෙන් සියයට 38ක් පමණ වුුුනා.

නමුත් සති තුනකට ආසන්න කාලයක් තුළ වගා කරන ලද කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 473,000 ඉක්මවා ගොස් ‌ තිබෙනවා.   ඒය අපේක්ෂිත ඉළක්කයෙන්  90% ඉක්මවා ගොස් තිබෙනවා.

කෙසේ වුවද මීලඟ  මාස කන්නය තුළ අප රටේ  සියලුම කුඹුරු අස්වැද්දීම  කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉළක්කයයි.

ඒ සඳහා සියලුම කෘෂි පර්යේෂණ නිලධාරින් වීසින් කැපවී කටයුතු කළ යුතු බව අමාත්‍යවරයා සදහන් කළා.  2022 – 23 මාස් කන්නයෙන් පසුව රට තුළ පුරන් කුඹුරු යනුවෙන් ඉඩම් විශේෂයක් රට තුළ නොතිබිය යුතුයි.

ඒ සඳහා  සියලුම වගකීම් කෘෂි පර්යේෂණ නිලධාරින් බාර ගත යුතු යැයි ද අමාත්‍යවරයා සඳහන් කළා.

මෙම සාකච්ඡාවට ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරින් ද සහභාගි වූණා.

The post යල කන්නය වෙනුවෙන් ගොවීන්ට ඉන්ධන නිකුත් කිරීමට දිවයින පුරා ඉන්ධනහල් 247ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG