එරෝෆ්ලොට් ගුවන්යානය රුසියාවට යළි පිටත් කර යැවීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් රුසියා විදේශ අමාත්‍යාංශය ශ්‍රී ලංකාවට ප්‍රසාදය පල කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් රුසියා විදේශ අමාත්‍යාංශය සදහන් කර ඇත්තේ ඇති වූ තත්ත්වය කඩිනමින් සමතයකට පත් කිරීමට දායක වූ ශ්‍රී ලංකාවේ සියලු රාජ්‍ය නිලධාරීන්ට රුසියාවේ ස්තුතිය පිරිනමන බවයි.කටුනායක සිට මොස්කව් බලා පියාසර කිරීමට නියමිතයව තිබූ එරෝෆ්ලොට් ගුවන් සමාගමට අයත් මෙම යානයට රටින් පිටවීම වළක්වාලමින් කොළඹ වානිජ මහාධිකරණය පසුගිය 02 වනදා වාරණ නියෝගයක් නිකුත් කළා.
ඒ අයර්ලන්ත සමාගමක් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සළකා බැලීමෙන් අනතුරුවයි. කෙසේ වුවද නීතිපතිවරයා මෝසමක් මගින් දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කරමින් කළ ඉල්ලීම සළකා බැලීමෙන් අනතුරුවයි වාරණ නියෝගය අත්හිටුවීමට කටයුතු කෙරුණේ.
ඒ අනුව එස් යූ 289 දරණ මෙම ගුවන් යානය තුළට පැමිණී ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ සභාපතිවරයා ඇතුළු පිරිසක් ගුවන්යානය නිදහස් කෙරුණු බව දැනුම් දුන් අතර සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් සමාව ද අයැද සිටියා. ඒ අනුව ඊයේ පස්වරු 6.11ට අදාළ ගුවන් යානය කටුනායක ගුවන්තොටුපලේ සිට රුසියාවේ මොස්කව් බලා ගමන් ආරම්භ කළා.
The post රුසියා ගුවන්යානය යළි පිටත් කර යැවීම සම්බන්ධයෙන් රුසියා විදේශ අමාත්‍යාංශයෙන් ශ්‍රී ලංකාවට ප්‍රසාදය appeared first on ITN News.
Post a Comment