ලබන මාර්තු මාසය ඇතුළත පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසම ප්රකාශ කර තිබෙනවා. පක්ෂ ලේකම්වරුන් අද හමු වූ අවස්ථාවේදීයී මැතිවරණ කොමිසමේ නිලධාරීන් මේ බව ප්රකාශ කර ඇත්තේ.
මැතිවරණ කොමිසම සහ පක්ෂ ලේකම්වරුන් අතර හමුවක් රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.මැතිවරණ සංශෝධනයට අදාළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට මැතිවරණ කොමිසම යෝජනා 28 ක් ඉදිරිපත් කර තිබෙනවා. ඉන් යෝජනා 4 ක් ඉදිරි මැතිවරණයට පෙර ක්රියාත්මක කළ යුතුය යන්න සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණා.අදාළ යෝජනා 4 සියලු දේශපාලන පක්ෂ නියෝජිතයන් ඒකමතිකව අනුමත කර සිටිනවා.
The post ලබන මාර්තු මාසයේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමේ සූදානමක් appeared first on ITN News.
Post a Comment