ගිනි අවි පාලනය කිරීමේ නීතිය ගෙන ඒම කාලීන අවශ්‍යතාවක් වී ඇති බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවසනවා.
පසුගියදා සමූහ වෙඩි තැබීමක දී කුඩා දරුවන් 19 දෙනෙකු ඝාතනය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් හැගීම්බර ප්‍රකාශයක් සිදුකරමිනුයි ඇමෙරිකා ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ. රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් ජෝ බයිඩන් සදහන් කළේ ගිනි අවි තහනම සම්බන්ධයෙන් නීති පැනවිය යුතු බවට තමන් අදහස් කළේ මීට බොහෝ කාලයකට පෙර සිට බවයි. ජනාධිපතිවරයාගේ ඇමතීම අතරතුරදී වරින් වර සිදුවූ සමූහ වෙඩි තැබීම් රැසක් පිළිබද අවදානය යොමු වුණා. ඇමෙරිකා එක්සත් ජනපදයේ සාමාන්‍ය පුද්ගලයින්ට එරට ගිනිඅවි නීතියට අනුව වෙළෙදපොලෙන් අවි මිලදී ගැනීමේ හැකියාව පවතිනවා.
The post ගිනි අවි පාලනය කිරීමේ නීතිය ගෙන ඒම කාලීන අවශ්‍යතාවක් වී ඇති බව ඇමෙරිකා ජනපති පවසයි appeared first on ITN News.
Post a Comment