මල්වානේ පිහිටි දේපලක් සම්බන්ධයෙන් තිරුකුමාරන් නඩේෂන් හා පාර්ලිමේන්තු මන්ත්රී බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කර තිබෙනවා.
දොම්පේ මල්වාන මාපිටිගම ප්රදේශයේ අක්කර 16 ක ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවසක් සහ නානතටාකයක් ඉදිකර ගොවිපලක් පවත්වාගෙන යමින් රජයේමුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාරන් නඩේෂන් යන මහත්වරුන්ට එරෙහිව චෝදනා එල්ලවී තිබුණා. ගම්පහ මහාධිකරණයේ දී අද එම නඩුවේ තීන්දුව ප්රකාශයට පත් වුණා. ගම්පහ පූර්වගාමී මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා තින්දුව ප්රකාශයට පත්කරමින් සාධරණ සැකයකින් ඔබ්බට චෝදනා ඔප්පු කිරීමට නොහැකිවීම හේතුවෙන් විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කළා.
මෙම නඩුවේ තීන්දුව පසුගිය මැයි මස 13 වනදා ප්රකාශයට පත්කිරීමට නියමිතව තිබුණත් එය අද දින දක්වා කල්තබා තිබුණා. මෙම ඉඩමට කිසිවෙකුත් අයිතිවාසිකම් නොකියන බැවින් දැනට මෙම ඉඩම රජයේ දේපලක් ලෙසයි පවතින්නේ.
The post මල්වාන නඩුවෙන් බැසිල් සහ තිරු නඩේෂන් නිදොස්කොට නිදහස් appeared first on ITN News.
Post a Comment