Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් සම්පාදනය කරමින් සිටින බව අගමැති පවසයි  

Add comments

ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් සම්පාදනය කරමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා එක්වයි මෙම වැඩසටහන සම්පාදනය කර ඇත්තේ.

වත්මන් ආහාර තත්ත්වය පිළිබද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මෙරට නියෝජිත විම්ලේන්ද්‍ර ෂරන් මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජ්‍ය නියෝජිත මාලින් හර්විග් සමග අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වූවා. එම සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාවේ ආහාර හිගයක් ඇතිවීමේ තර්ජනය පිළිබද දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කර තිබුණා. මේ සදහා ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් ලබන මාසයේ එළිදැක්වීමට නියමිත බව පැහැදිලි කළ අග්‍රාමාත්‍යවරයා ඊට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහාය ද ඉල්ලා සිටියා. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දැනට පවතින ප්‍රධානතම ගැටලුව වන්නේ පොහොර සහ ඉන්ධන හිගකම බවයි වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ. මෙහිදී අදහස් දැක්වූ විම්ලේන්ද්‍ර ෂරන් මහතා ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කළ හැකි ආහාර අර්බුදයට ප්‍රතිචාර දැක්වීමේව සැළැස්මක් කෙටුම්පත් කරන බව ප්‍රකාශ කළා. කඩිනම් ක්‍රියාමාර්ග ගතහොත් දැනට පවතින ආහාර හිගය මාස 5 ක් 6 ක් ඇතළත පාලනය කළ හැකි බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළා.

 

 

 

The post ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් සම්පාදනය කරමින් සිටින බව අගමැති පවසයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG