යුක්රේනයේ ලුහාන්ස්ක් ඇතුළු නැගෙනහිර ප්‍රදේශවලට රුසියා හමුදා දැඩි ප්‍රහාර එල්ල කරමින් සිටින බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.
යුක්රේනයේ ලුහාන්ස්ක් ප්‍රාන්තයට පසුගිය දින 100 ක කාලය තුළදී පාසල් 70 ක් රෝහල් 33 ක් සහ සායන 237 ක් ඇතුළු දේපොල හානිවී ඇති බව එහි ආණ්ඩුකාරවරයා සදහන් කළා. මෙම පාසල් අතර පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ද පවතින බවයි ඔහු පැවසුවේ. ලුහාන්ස්ක් ප්‍රාන්තයේ දැඩි මානුෂීය ඛේදවාචකයක් ඇතිවී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය සදහන් කළේ රුසියා ආක්රමනය ආරම්භවීමේ සිට සිවිල් වැසියන් 9,151 දෙනෙකු මේ වනවිට ඝාතනයට ලක්ව ඇති බවයි.
The post යුක්රේනයේ නැගෙනහිර ප්‍රදේශවලට දැඩි ප්‍රහාර appeared first on ITN News.
Post a Comment