Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකානු තානාපතිනිය සහ නවසීලන්ත මහ කොමසාරිස් අධිකරණ ඇමති හමු වෙයි  

Add comments

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් (Michael Appleton ) මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය වන ජූලි චන්ග් (Julie Chung) මහත්මිය සමඟ හමුවක් ඊයේ(02) අධිකරණ අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

වර්තමානය වන විට රට තුළ පවතින දේශපාලන වාතාවරණය හා යෝජිත 21 වනආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මෙහිදී අමාත්‍යවරයා මහ කොමසාරිස්වරයා සහ තානාපතිනිය දැනුවත් කර ඇත.

ශ්‍රී ලංකාව එම රටවල් අතර දිගු කාලයක සිට දැඩි මිත්‍රත්වයක් පවත්වාගෙන යන බවත්, මෙරට ආර්ථික සංවර්ධන කටයුතු සඳහා මෙන්ම ශ්‍රී ලංකාව මේ වන විට පත්ව ඇති දුෂ්කරතත්වයෙන් ගොඩ ඒම සඳහා සහයෝගය අපේක්ෂා කරන බවත් සඳහන් කල අමාත්‍යවරයාඑම රජයන් විසින් ලබා දෙන සහයෝගය ඉතා අගය කරන බව ද එහිදී පැවසීය.

මෙම අවස්ථාවන් සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ද එක්විය.

 

 

The post ඇමරිකානු තානාපතිනිය සහ නවසීලන්ත මහ කොමසාරිස් අධිකරණ ඇමති හමු වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG