Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප්‍රංශ ජනපතිගේ ප්‍රකාශයට යුක්රේන විදේශ ඇමතිගේ දැඩි විරෝධය  

Add comments

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් සිදුකළ ප්‍රකාශයකට එරෙහිව යුක්රේන විදේශ අමාත්‍යවරයා දැඩි විරෝධය පළකරනවා.

යුක්රේනය තුළ සිදුකරන යුද මෙහෙයුම් හේතුවෙන් රුසියාවට අපහාස කිරීමෙන් වළකින ලෙස ප්‍රංශ ජනාධිපතිවරයා පසුගියදා ඉල්ලා සිටියා. රුසියාව යුක්රේනය තුළ යුද මෙහෙයුම් ආරම්භ කිරීමත් සමග මූලික වැරැද්දක් පමණක් සිදුව ඇති බවද ඔහු සදහන් කරනවා.

ප්‍රංශ ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයට දැඩි විරෝදයක් පළකරන බවයි යුක්රේන විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කුලේබා පවසන්නේ. කෙසේ වුවද රුසියා යුක්රේන දෙපාර්ශ්වය එකගතාවකට පත්කිරීමට හා යුද ගැටුම් අත්හිටුවීමට ප්‍රංශ ජනාධිපතිවරයා දැඩි පරිශ්‍රමයක් ගෙන කටයුතු කළ පුද්ගලයෙකු ලෙස හැදින්විය හැකියි.

මේ අතර ප්‍රංශ ජනාධිපතිවරයාගේ මතයට එකගත්වය පළකරමින් ඉතාලි අග්‍රාමාත්‍යවරයා ද සදහන් කරන්නේ යුරෝපයට අවශ්‍යව ඇත්තේ විශ්වාසනීය එකගතාවකට එළඹීම බවයි.

 

The post ප්‍රංශ ජනපතිගේ ප්‍රකාශයට යුක්රේන විදේශ ඇමතිගේ දැඩි විරෝධය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG