Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අර්බුදයට හේතුව අගමැති හෙලිකරයි   

Add comments

ආර්ථික අර්බුධයට මුලිකම හේතුවෙ වන්නේ ණය ලබා ගැනීම නොව පසුගිය කාලයේ දී ලබාගත් ණය මූල්‍ය ප්‍රතිලාභයක් නොමැති ව්‍යපෘති සදහා යෙදවීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඉන්දියාවේ එන් ඩී ටීවි පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි ඔහු මේ බව සදහන් කළේ.

රජයේ වත්කම් පෞද්ගලීකරණයට ලක් කිරීම හෝ විකිණීමට සිදු ව ඇත්තේ ද එම ආයතන දිගින් දිගටම පාඩු ලැබීම රජයට තවදුරටත් දරාගත නොහැකි මට්ටමට පැමිණිම හේතුවෙන් බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

මාධ්‍යවේදීනිය     – ශ්‍රී ලංකාව අද මේ තත්වයට පත්විමට චීනය එක් හේතුවක්ද? ඔබ එයට එකග වෙනවා ද?

අගමැති                      – නැහැ. චීනය ණය පහසුකම් ලබා දී තිබෙනවා. චීනය හා ජපානය තමයි අපට ණය ලබා දුන් පුධාන පර්ශවකරුවන් වන්නේ. නමුත් ගැටළුව වෙන්නේ චීනය ලබා දුන් ණය ආර්ථික වශයෙන් ප්‍රතිලාභ නොලැබෙන ව්‍යාපෘති සදහා යෙදවීමයි.

මාධ්‍යවේදීනිය     – එතකොට ඔබ කියන විදිහට ශ්‍රී ලංකාව වැරැද්දක් කරලා තියෙනවා?

අගමැති                      – අපිට එය පාලනය කරන්න තිබුණා. ඒ ණය මුදල් ආර්ථිකයේ වැඩි දියුණු විය යුතු අංශ සඳහා යොදවන්න තිබුණා කියලයි මම හිතන්නේ.

මාධ්‍යවේදීනිය     – ශ්‍රී ලංකාවට තිබෙන්නේ පුරෝකථනය කළ නොහැති භෞතික ආර්ථිකයක්. රට ආර්ථික අර්බුධයකට මුහුණ දී සිටින විට හෝ ඉදිරියේ දී අර්බුධයකට මුහුණ දීමට සිදු වන බව දැනගත් වහාම ඔබ රජයේ වත්කම් විකිණීම සිදු කරනවා. නැතහොත් පෞද්ගලීකරණය කරනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගම පිලිබඳවත් ඔබ එවැනි අදහසක් පළ කළා.

අගමැති                      – ඔබ එයාර් ඉන්දියා විකුනුවෙත් ඒ හේතුව හින්දයි. හයාර් ඉන්දියා සමාගම පාඩු ලබමින් සිටියේ. එයම තමයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමටත් අත් වී තිබෙන්නේ. ආර්ථිකය කඩා වැටීමත් සමඟ අපට එයට ලබා දිය හැකි සහයෝගය ලබා දීමට නොහැකි වුණා.

මාධ්‍යවේදීනිය     – ශ්‍රී ලංකාව මේ තත්වයට පත් කිරීම ගැන ගෝඨාභය රාජපක්ෂ හෝ එම පවුලේ අනෙක් අයට විරුද්ධව දූෂණ චෝදනා ගොනු කරනවාද?

අගමැති                      – නීති උල්ලංඝණය කිරීමක් සිදු කර තිබෙනවා නම් ඔවුන්ට විතරක් නෙමෙයි ඕනෑම අයෙකුට එරෙහිව ක්‍රියා මාර්ග ගන්නවා. එය විමර්ශන ආයතනවලට අදාළ කාරණයක්.

මාධ්‍යවේදීනිය     – තරුණ තරුණියන්ට තවත් කොපමණ කාලයක් පාරේ සිටින්නට ඔබ ඉඩ හරිනවාද?

අගමැති                      – එය ඔවුන්ගේ මතය. ඔවුන් අප සමඟ සම්බන්ධ වනවාට මම කැමතියි. අපි යෝජනා කරලා තියෙන කමිටු වලට සහාභාගි වෙන්න ඔවුන්ට පුළුවන්. රජය හා ජනතාව සමග සාකච්ඡා කරන්න ඔවුන් ඊළඟ අදියර සකස් කළ යුතුයි.

මාධ්‍යවේදීනිය     – ශ්‍රී ලාංකික ජනතාවට ඔබ ලබා දෙන පණිවුඩය මොකක්ද?

අගමැති                      – මට මුලින් ම කියන්න තියෙන්නේ අපට ලබා දුන් සහයෝගය සම්බන්දයෙන් අපි ඉන්දීයාවට ස්තූතිවන්ත විය යුතුයි. ඒ වගේම මේ ආර්ථික හා දේශපාල අර්බුධයෙන් ගොඩ එන්න කටයුතු කරමු. අපට එය කරන්න පුළුවන්. ඒ වගේම හොඳ අනාගතයක් ගොඩනගන්න පුළුවන්.

 

The post අර්බුදයට හේතුව අගමැති හෙලිකරයි  appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG