කොරෝනා වයිරස ව්‍යාප්තිය ආරම්භයෙන් පසු හජ්ජි වන්දනාව සදහා සෞදි අරාබියට පළමු විදෙස් බැතිමතුන් කණ්ඩායම ඊයේ පැමිණියා.
පළමු විදෙස් බැතිමතුන් කණ්ඩායම ලෙස මෙදීනා නගරයට පැමිණියේ ඉන්දුනිසියාවේ බැතිමතුන් පිරිසක්. ඉදිරි සතියේදී ඔවුන් මක්කම නගරය වෙත පිටත් කර හරින බවයි බලධාරීන් සදහන් කළේ. කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය වසර දෙක තුළදී කිසිදු විදෙස් බැතිමතෙකුට හජ්ජි වන්දනාව සදහා ඉඩ ලැබුනේ නැහැ.
කෙසේ වෙතත් මෙවර හජ්ජි වන්දනාව සදහා දෙස් විදෙස් බැතිමතුන් ලක්ෂ 10 කට පමණ ඉඩ ප්‍රස්ථාව ලබා දෙන බවයි බලධාරීන් සදහන් කරන්නේ. 2020 වසරේදී සෞදි බැතිමතුන් දහසකට අඩු පිරිසක් හජ්ජි වන්දනාවට සහභාගී වූ අතර පසුගිය වසරේදී එම සංඛ්‍යාව 60,000 දක්වා ඉහළ දමා තිබුණා.
The post මෙවර හජ්ජි වන්දනාවට විදෙස් බැතිමතුන් විශාල පිරිසක් appeared first on ITN News.
Post a Comment