රජයට අයත් ගොඩනැගිලිවල ඇති පුරාවිද්‍යා ස්මාරක සංරක්ෂණය කරන ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අරගලකරුවන්ගෙන් ඉල්ලා සිටියි.
ජූලි 09 වෙනිදා සිද්ධියෙන් පසු කොළඹ ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය ඇතුළු පුරාවිද්‍යා ස්මාරකවලට හානි සිදු වී ඇති බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තහවුරු කරනවා.
එම ස්ථානවල තිබුණු පෞරාණික සහ සංස්කෘතික වස්තුන්වලට තවදුරටත් විනාශවීම සිදුවීම හෝ අස්ථානගතවීම වළක්වා ගත යුතු බවයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
සොරකම් හා හානි සිදුවුවහොත් පුරාවිද්‍යා ආඥාපනත යටතේ නීතිමය පියවර ගන්නා බවට අධ්‍යක්ෂ ජනරාල්වරයා අනතුරු අඟවා තිබෙනවා.

The post පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක් appeared first on ITN News.
Post a Comment