සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්විටින් විට වැසි ඇතිවේ. බස්නාහිරසහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලතැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා දිශාවලින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩි විය හැක.
මුහුදේ ස්වභාවය : පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශරළු වේ.දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශමද වශයෙන්රළු වෙයි.
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස (මීටර්. 2.5 – 3.0 ක් පමණ) ඉහළ යාමේ හැකියාවක් ද පවතී.
එබැවින් පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරනමෙන් ඉල්ලා සිටියි.
| ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය | දිනය : | 2022-07-06 | |||
| නගරය | උෂ්ණත්වය(සෙ. අංශක) | සාපේක්ෂ ආර්ද්‍රතාවය(%) | කාලගුණය | ||
| උපරිම | අවම | උපරිම | අවම | ||
| අනුරාධපුරය | 32 | 26 | 85 | 50 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
| මඩකලපුව | 37 | 26 | 80 | 50 | සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
| කොළඹ | 31 | 26 | 80 | 70 | වැසි වාර කිහිපයක් |
| ගාල්ල | 28 | 25 | 95 | 80 | වැසි වාර කිහිපයක් |
| යාපනය | 34 | 28 | 80 | 55 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
| මහනුවර | 29 | 23 | 95 | 65 | විටින් විට වැසි |
| නුවරඑළිය | 20 | 14 | 95 | 75 | විටින් විට වැසි |
| රත්නපුරය | 31 | 24 | 95 | 60 | විටින් විට වැසි |
| ත්‍රිකුණාමලය | 34 | 26 | 80 | 55 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
| මන්නාරම | 31 | 28 | 80 | 60 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
The post දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි appeared first on ITN News.
Post a Comment