Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනපති ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකට යොමු කරයි  

Add comments

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද කතානායකවරයා වෙත අද යොමු   කර ඇති බව කතානායක කාර්යාලයේ ප්‍රකාශකයකු සදහන් කළා.

කෙසේ වෙතත් ඔහු එම ලිපිය එවා ඇත්තේ විද්‍යුත් තැපෑලෙන් බැවින් එහි පිළිගත හැකි භාවය තහවුරු කර ගැනීම සදහා නීතිපතිවරයාගෙන් නීති උපදෙස් ලබාගැනීමට කතානායකවරයා පියවර ගෙන තිබෙනවා.

ලිපියේ වලංගුභාවය තහවුරු කරගැනීමෙන් පසු ඊට අදාළ නිල නිවේදනය ප්‍රකාශයට පත් කිරීමට කතානායකවරයා කටයුතු කරනු ඇති. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රැගත් ගුවන්යානය අද පස්වරුවේ සිංගප්පූරුවට ලගා වුණා. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණේ ජනාධිපතිතුමා ඔහුගේ බිරිද මාලදිවයිනේ දිනක කාලයක් රැදී සිටීමෙන් පසු සිංගප්පූරුවට අද ලගා වූ බවයි. සවුදි ගුවන් සමාගමකට අයත් එස්.වී 788 ගුවන් යානයෙන් ජනාධිපතිතුමා සිංගප්පූරුවට පැමිණියා.

 

 

The post ජනපති ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකට යොමු කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG