ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපියේ නීත්‍යානුකූලභාවය තහවුරු කර ගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද දිනයේදී නිලවශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
ජනාධිපතිතුමාගේ ඉල්ලා අස්වීමේ ලිපියක් ශ්‍රී ලංකාවේ සිංගප්පූරු කාර්යාලය හරහා කතානායකවරයා වෙත මේ වන විට ලැබී ඇති බවට කතානායක කාර්යාලය නිවේදනය කළා.
කෙසේ වෙතත් ඔහු එම ලිපිය එවා ඇත්තේ විද්‍යුත් තැපෑලෙන් බැවින් එහි පිළිගත හැකි භාවය තහවුරු කර ගැනීම සදහා නීතිපතිවරයාගෙන් නීති උපදෙස් ලබාගැනීමට කතානායකවරයා පියවර ගෙන තිබෙනවා.
මෙම ලිපියේ නිරවද්‍යතාව පිළිබදවද නැවත පරික්ෂා කිරීමෙන් පසු සියලු නීතිමය කටයුතු අවසන් කර නිල නිවේදනයක් අද දිනය තුළදී ප්‍රකාශයට පත් කිරීමටයි නියමිතව තිබෙන්නේ. එම නිල ප්‍රකාශයෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිධුරයේ නිල වශයෙන් දිවුරුම් දෙනු ඇති.
The post ජනපතිගේ ඉල්ලා අස්වීම කතානායක නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි appeared first on ITN News.
Post a Comment