නිවාසවලට ඇතුළු වී රුපියල් ලක්ෂ 12 කට අධික භාණ්ඩ සොරාගත් බව කියන සැකකරුවන් දෙදෙනෙකු හොරණ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නිවාස 04 කට ඇතුලු වී මොවුන් රන් භාණ්ඩ මුදල් හා තවත් භාණ්ඩ රැසක් සොරකම් කර තිබෙනවා. පොල්ගස් නැගීමේ රැකියාවේ නිරත සහෝදරයන් දෙදෙනෙකු මෙම සොරකම සිදු කර ඇති බවයි පොලීසිය පවසන්නේ.
ඔවුන් අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී තිබෙනවා. සොරකම් කළ භාණ්ඩ අලෙවි කරමින් හොරොයින් ලබාගෙන ඇති බවයි පරික්ෂණවලදී හෙළි වුණේ. නිවාස සියල්ලම එකම ආකාරයට කොල්ල කා තිබෙනවා.
The post නිවාසවලට ඇතුළු වී භාණ්ඩ සොරාගත් දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment