ඉන්දියාවේ මුම්බායි නගරයට ඇද හැලෙන අධික වර්ෂාව සමග රතු නිවේදන නිකුත් කිරීමට එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.
ඊයේ රාත්‍රිය තුළ ඇද හැලුනු දැඩි වර්ෂාපතය නිසා මුම්බායි නගරයේ බෙහෝ වීදි ජලයෙන් යට වුණා. මෝසම් වැසි සමග මුම්බායි ඇතුළු මහා රාෂ්ට්‍රා ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශවලට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. මුම්බායි හා වෙරළ ප්‍රදේශවලට මහජනතාවට ඇතුළුවීම සීමා කිරීමට බලධාරීන් පියවර ගත්තා.
පසුගිය දින කිහිපය තුළ ඇති වූ දැඩි අයහපත් කාලගුණය නිසා පුද්ගල ජීවිත 65 කට වැඩි සංඛ්‍යාවක් අහිමි වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
The post අධික වර්ෂාව සමඟ මුම්බායි නගරයට රතු නිවේදන නිකුත් කෙරේ appeared first on ITN News.
Post a Comment