Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊයේ වැඩිම කොරෝනා ආසාදිතයින් ජපානයෙන්  

Add comments

ලොව පුරා රටවලින් දෛනිකව වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතිනවා.

ගත වූ පැය 24 ට පමණක් රටවල් 228 කින් හමු වී ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව අටලක්ෂ තිස්දහසකට ආසන්නයි. සිදුව ඇති මරණ සංඛ්‍යාව දෙදහස් පනස් හතරක්.

ඊයේ දිනයේදී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වන එක්ලක්ෂ අනූපන්දහස හමු වී ඇත්තේ ජපානයෙන්. එමෙන්ම දකුණු කොරියාවෙන් එක්ලක්ෂ දහනව දහසක් ඇමෙරිකාවෙන් ලක්ෂයක් හා ඕස්ට්‍රේලියාවෙන් හතළිස් දහසක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා.

ඊයේ දිනයේදී වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ ඇමෙරිකාවෙන්. එම සංඛ්‍යාව 431 ක්. ඒ සමගම ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හැටහතරලක්ෂ විසිහත්දහස් හයසිය අනූනවය දක්වා ඉහළ ගියා. හමු වී ඇති සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව පනස් අට කෝටි පනස් දෙලක්ෂයකට අධිකයි.

 

 

The post ඊයේ වැඩිම කොරෝනා ආසාදිතයින් ජපානයෙන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG