Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පෝෂණ ඌනතාවයෙන් පෙළෙන පවුල් සඳහා මාසිකව රුපියල් 10,000ක දීමනාවක්  

Add comments

හදිසි ආධාර අවශ්‍ය පෝෂණ ඌනතාවයෙන් පෙළෙන පවුල් 61,000කට මාසිකව රුපියල් 10,000ක දීමනාවක් ලබාදීමට ලෝක ආහාර වැඩසටහන (WFP) එකඟ වී තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ සිය අතුරු අයවැය කතාවේදී එක් පවුලකට මාස හතරක කාලයක් සඳහා රුපියල් 10,000 බැගින් ලබාදීමට සැලසුම් කර තිබෙන බව ප්‍රකාශ කළා.

යෝජිත සුබසාධන යෝජනා ක්‍රමය පිළිබඳව අදහස් දක්වමින් මූල්‍ය ආර්ථික ස්ථායීකරණ අමාත්‍යාංශය සහ ජාතික ප්‍රතිපත්ති ලේකම් කේ.එම්.එම්.සිරිවර්ධන මහතා පැවසුවේ හදිසි මූල්‍ය ආධාර අවශ්‍ය මෙම හඳුනාගෙන ඇති පෝෂණ ඌනතාවයෙන් පෙළෙන පවුල් සඳහා මේ වසර අවසානය දක්වා ආධාර ලබාදීමට WFP ඉදිරිපත් වී ඇති බවයි.

ලෝක ආහාර වැඩසටහන සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස හතර සඳහා ආධාර ලබා දෙන බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවා.

වාර්තාගත ඉහළ උද්ධමනය සහ ආදායම් අහිමිවීම් මධ්‍යයේ වාර්තාගත ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාවක් ආහාර අනාරක්ෂිත තත්ත්වයට පත්ව තිබෙනවා.

WFP ට අනුව, රටේ ජනගහනයෙන් 33% ක් හෝ මිලියන 7.15 ක ජනතාවක් මේ වන විට දෛනික අවම පෝෂණ අවශ්‍යතාවයට වඩා අඩු ආහාර පරිභෝජනය කරමින් සිටින බවට ගණන් බලා ඇත.

The post පෝෂණ ඌනතාවයෙන් පෙළෙන පවුල් සඳහා මාසිකව රුපියල් 10,000ක දීමනාවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG