Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප්‍රදේශ කිහිපයක සුළු ගංවතුර තත්ත්වයක් – අවධානයෙන් සිටින්නැයි ජනතාවට දැනුම් දෙයි  

Add comments

මා ඔය ඇතුළු ගංගා  ආශ්‍රිත ජනතාවට ගංවතුර අවදානම පිළිබද දැඩි අවදානයෙන් පසුවන ලෙස වාර්මාර්ග දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.

දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ප්‍රදේශ කිහිපයක සුළු ගංවතුර තත්ත්වයක් ඇතිව තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ කැලණි, කළු, ගිං, නිල්වලා,  මහවැලි යන ගංගාවල සහ මහඔය සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් මේ වන විට ඉහළ ගොස් ඇති බවයි.

අයහපත් කාලගුණයත් සමග කැළණීගග පිටාර ගැලීම නිසා මල්වාන හා පත්තිවිල  ප්‍රදේශයේ පහත්බිම් මහාමාර්ග හා නිවාස ජලයෙන් යටව තිබෙනවා.

මා ඔය පිටාරගොස්  ඇති බැවින් අලව්ව, දිවුලිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, තටාන,  දංකොටුව ආදී පහත්බීම්වල ජනතාව ගංවතුර ත්ත්වයන් පිලිබද දැඩි අවදානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. පන්නල සහ නාරම්මල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ග්‍රාමසේවා වසම් 5 කට අයත් පවුල් 150 කට අයත් ජනතාව මේ වන විට අවතැන්ව සිටින බව පන්නල ප්‍රාදේශීය ලේකම් සමන්ත වික්‍රමරත්න මහතා පවසනවා.

පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසක් ජලයෙන් යටවී ඇති අතර පුද්ගලයින් 400 කට ආසන්න සංඛ්‍යාවක් අවතැන්ව සිටින බව වාර්තා වනවා. ඔවුන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට කටයුතු කර තිබෙනවා. ඔවුන් සදහා පිසූ ආහාර ඇතුළු සෙසු පහසුකම් ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින්  පවතින බවයි ප්‍රාදේශීය ලේකම්වරයා පවසන්නේ. මේ අතර  කුරුණෑගල මීගමව ප්‍රධාන මාර්ගය ගිරිඋල්ල ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම නිසා ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. 

කැලණිගගේ ජලය පිටාර ගැලීමෙන් හංවැල්ල නිට්ටඹුව මාර්ගය පූගොඩ කළු පාලම අසලින් ජලයෙන් යටවී ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. ප්‍රදේශයේ පහත් බිමන් රැසක් ජලයෙන් යටවී ඇති ආකාරයයි දැකගත හැකි වන්නේ. කැලණිගගගේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බව වාර්තා වනවා. ගුරුගොඩ ඔය සහ රිටිගහ ඔය පිටාරගැලීමෙන් කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගය ස්ථාන කිහිපයකින් යටවී තිබෙනවා.

ගුරුගොඩ ඔය සහ රිටිගහ ඔය පිටාර ගැලීමෙහන් කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගය කනන්තොට අගුරුවැල්ල රුවන්වැල්ල  ඇතුළු ප්‍රදේශ කිහිපයකින් ජලයෙන් යටව පවතිනවා.

උතුරු පළාතේ ප්‍රදේශ කිහිපයකට ද සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබෙමින් පවතිනවා. වවුනියාව මුලතිව් නෙදූන්කේනි පුලියන්කුලම ඇතුළු ප්‍රදේශ රැසකට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් පහත්බිම් ජලයෙන් යටව පවතිනවා. උතුරු පළාතේ ජනතාව මේ දිනවල හේන් ගොවිතැන් සිදු කරන අතර පවතින කාලගුණය හේතුවෙන් ඊට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

 

 

 

 

The post ප්‍රදේශ කිහිපයක සුළු ගංවතුර තත්ත්වයක් – අවධානයෙන් සිටින්නැයි ජනතාවට දැනුම් දෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG