Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එළිසබෙත් රැජිණගේ අවසන් කටයුතු ලබන 19 වනදා  

Add comments

දෙවන එළිසබෙත් මහරැජිණගේ අභාවයෙන් පසු රාජ්‍යත්වයට පත්වූ තුන්වන චාල්ස් රජු පළමුවරට ජාතිය අමතමින් ඉතා සංවේදි ලෙස සිය මව ගැන සිහිපත් කළා.

අභාවප්‍රාප්ත දෙවන එළිසබෙත් රැජිණගේ දේහය පිළිබද අවසන් කටයුතු රාජ්‍ය නායකයන් රැසකගේ සහභාගීත්වයෙන් ලබන 19 වනදා සිදු කෙරෙනවා.

1926 වසරේ අප්‍රේල් 21 වන දින උපත ලැබූ එලිසබත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි 1952 පෙබරවාරි 6 වන දින බ්‍රිතාන්‍යයේ මහරැජින ලෙස අභිෂේක ලැබුවා.වසර 70 දින 214 ක කාලයක් බ්‍රිතාන්‍ය කිරීටය දැරූ ඇය  බ්‍රිතාන්‍ය රාජකීය ඉතිහාසයේ දීර්ඝතම කාලයක් කිරුළ දැරූ රාජකීයා  ද වනවා. 1947 වසරේ පිලිප්කුමරු සමග විවාහ දිවියට එළඹි එලිසබත් මේරි රාජකීය පවුලට දරුවන් 4 දෙනෙකු දායාද කළා. 1952 වසරේ පෙබරවාරි 6 වනදා ඇය කෙන්යාවේ රාජකීය සංචාරයක නිරතව සිටින විටදී 06 වන ජෝර්ජ් රජු අභාවප්‍රාප්ත වූ බව සැලවීමෙන් අනතුරුව පෙබරවාරි 7 වන දින බ්‍රිතාන්‍යයට සම්ප්‍රාප්ත වූයේ එරට මහරැජින ලෙසයි. බ්‍රිතාන්‍යයේ සිහසුන භාරගන්නා විට ඇයගේ වයස අවුරුදු 25 ක්.

එක්සත් රාජධානිය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, පකිස්ථානය  හා ශ්‍රී ලංකාව ඇතුළු නිදහස් රාජ්‍යයන් ලෙස නම් කළ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල ප්‍රධානියා බවට ද පත් වුණා. කෙසේ වුවද ඇය රාජකීයත්වයට පත් වූ වසර ලෙස සැලකෙන්නේ 1953 වසරයි. එතැන් පටන් රිදී ජුබිලියන 1977 වසරේදීත්, රන්ජුබිලිය 2002 වසරේදී, ඩයමන්ඩ් ජුබිලිය 2012 වසරේදී හා ප්ලැටිනම් ජුබිලිය 2022 වසරේ සමරනු ලැබුවා.ප්‍රංශයේ 14 වන ලුවිස් රජුට පසු දීර්ඝතම කාලයක් සිහසුනේ රැදී සිටි රාජකීයා ලෙසයි එලිසබත් මහරැජින සැලකෙන්නේ.

දෙවන එළිසබෙත් මහරැජිණගේ අභාවයෙන් පසු රාජ්‍යත්වයට පත්වූ තුන්වන චාල්ස් රජු ජාතිය අමතමින් ඔහුගේ මව වන දෙවන එළිසබෙත් මහරැජිණ පිළිබද සිහිපත් කළා.

 

The post එළිසබෙත් රැජිණගේ අවසන් කටයුතු ලබන 19 වනදා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG