වියට්නාමයේ කැරෝකී සමාජශාලාවක හටගත් ගින්නකින් පුද්ගලයින් 32 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
වියට්නාමයේ හෝ චී මින් නගරය ආසන්නයේ පිහිටා ඇති කැරොකි සමාජ ශාලාවකයි මෙම ගින්න හටගත්තේ. මිය ගිය පිරිස අතරට පිරිමි පුද්ගලයින් 17 දෙනෙකු සහ කාන්තාවන් 15 දෙනෙකු අයත්. විශාල පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි සදහන්.කැරෝකි සමාජ ශාලාව මහල් තුනක ගොඩනැගිල්ලක ඉහළම මහලේ පිහිටා ඇති අතර ගින්න හට ගැනීමත් සමග එම මහලේ සිට බිමට පැනීමෙන් පුද්ගලයින් 04 දෙනෙක් තුවාල ලබා ඇති බවද සදහන්.
ගින්න හටගන්නා අවස්ථාවේ පුද්ගලයින් 60 දෙනෙකු පමණ එහි රැදී සිට ඇති බවයි පොලීසිය සදහන් කරන්නේ. ගින්න හට ගැනීමට හේතුව මේ වන තෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි. 2016 වසරේදී මේ ආකාරයෙන් හටගත් ගින්නකින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
The post වියට්නාමයේ කැරෝකී සමාජශාලාවක හටගත් ගින්නකින් 32 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment