කැනේඩියානු සමූහ පිහිඇණුමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු මියගොස් තිබෙනවා.
දස දෙනෙකුට මරු කැදවමින් 18 දෙනෙකුට තුවාල සිදු කළ කැනේඩියානු පිහිඇණුමේ සැකකරු වූ මයිල්ස් සැන්ඩ්‍රසන් පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා. අධිවේගී මෝටර් රථයකින් ලුහුබැද ගොස් පොලීසිය සැකකරු අත්අඩංගුවට ගනු ලැබූ අතර පීඩාවට පත් වූ ඔහු රෝහල් ගත් කිරීමේදී මිය ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
පිහිඇනුම් ප්‍රහාරයට ලක් වූ වැඩි දෙනා ආදිවාසී ජනකොටස් නියෝජනය කරන්නන් වනවා. මෙම ඝාතන සදහා මයිල්ස් සැන්ඩ්‍රසන් සහ ඔහුගේ සහෝදරයා වන ඩේමියන් යන දෙදෙනා වගකිව යුත්තන් බවට චෝදනා එල්ල වී තිබෙනවා.
The post කැනේඩියානු සමූහ පිහිඇණුමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු මිය යයි appeared first on ITN News.
Post a Comment