ස්චුවාන් පළාතේ ලූදිං කෝරළයේ භූමි කම්පා විපත් සහන කටයුතු සඳහා සහාය වීමට කැමැත්ත පළ කළ විවිධ රටවලට චීනයේ ප්‍රණාමය
ස්චුවාන් පළාතේ ලූදිං කෝරළයේ භූමි කම්පාව සිදු වීමෙන් අනතුරුව රුසියාව ඇතුළු බොහෝ රටවල් විවිධ ආකාරවලින් චීනයට අනුම්පාව දක්වමින් ආපදා කටයුතු සඳහා සහාය වීමට කැමැත්ත පළ කර ඇත.
චීනය තම් පිළිඳව අවංක ස්තුතිය පළ කරන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය 7වැනිදා බෙයිජිංහි පැවති මාධය හමුව දී කියා සිටියාය.
චීන රජය උපරිම ශක්තියෙන් අදාළ ආපදා හා සහන කටයුතුවල නරතවෙමින් සිටී. විවිධ සහන කණ්ඩායම් සිද්ධිය වූ වහාම විපතට ලක් ප්‍රදේශයට ළඟා වූහ.
අතුරුදන්ව සිටින පුද්ගලයින් සෙවීම, තුවාල කරුවන්ට ප්‍රතිකාර කිරීම, ජනතාව සුරක්ෂිත ස්ථානවලට යොමු කිරීම, යටිතල පහසුම් අලුත්වැඩියා කිරීම යනාදී කටයුතු සඳහා ඔවුහු දායකවෙමින් සිටිති.
මෙම විපතින් ජයගැනීමටත්, විපතට ලක් ජනතාවට යළිත් සුන්දර උන්හිටිතැන් ගොඩනැගීමටත් චීනයට විශ්වාසය ඇති බවද මාඕ නිං මහේමිය ප්‍රකාශ කළාය.
The post ස්චුවාන් පළාතේ ලූදිං කෝරළයේ භූමි කම්පා විපත් සහන කටයුතු සඳහා සහාය වීමට කැමැත්ත පළ කළ විවිධ රටවලට චීනයේ ප්‍රණාමය appeared first on ITN News.
Post a Comment