කොටුව ජනාධිපති නිල නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී නීතිවිරෝධී ලෙස රැස්වූ බවට හඳුනාගෙන ඇති 71 දෙනාගෙන් සැකකරුවන් 37 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජුලි 09 වනදා පැවති විරෝධතා අතරතුරදී ජනාධිපති නිල නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී අලාභ හානි සිදුකිරීම් සහ දේපළ සොරකම් කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
හඳුනාගත් සැකකරුවන් 71 දෙනෙකුගේ ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කර තිබූ අතර ඉන් 37 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන්ගෙන් පස් දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර තවත් කිහිප දෙනෙකු ඇප මත මුදා හැර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
The post කොටුව ජනාධිපති නිල නිවසට බලහත්කාරයෙන් ඇතුළු වූ 37ක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment