අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැදවුම්කරු මෙන්ම අරගලයේ ක්‍රියාකාරීකයෙකු වන ළහිරු වීරසේකර ඇප මත නිදහස් කෙරුණා. ඔහු අද අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට ද ඇතුළත් කෙරුණා.
අරගලයේදී මියගිය පිරිස අනුස්මරණය කිරීමේ වැඩසටහනක් ගාලුමුවදොරදී ඊයේ පැවැත්වුණා.
එම වැඩසටහන අවසානයේ නිවස බලා යමින් සිටියදී ළහිරු වීරසේකර අත්අඩංගුවට ගත්තා.පසුගිය අගෝස්තු 30 වනදා මරදානේ පැවති විරෝධතාවකදී පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේ ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණ්.
මේ අතර ළහිරු වීරසේකර අත්අඩංගුවට ගැනීමේ දී පහර දීමක් සිදු වුයේ ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට අද පෙරවරුවේ ඔහුව කොළඹ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කෙරුණා****කොළඹ අශෝක
එහිදි අධිකරණ වෛද්‍යවරයා ලබා දුන් නිර්දේශ මත ළහිරු වීරසේකර කොලඹ ජාතික රෝහලට ඇතුළත් කළා . අධිරුධිර පීඩනය හේතුවෙනුයි ඔහුව රෝහල් ගතකර තිබුණේ. අනතුරුව මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා කොළඹ ජාතික රෝහලට පැමිණ ඔහු පරික්ෂාවට ලක් කළා. පරික්ෂා කිරීමෙන් අනතුරුව ළහිරු වීරසේකර ඇප මත මුදා හරින ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කලේ.
මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ සිටින රංගනශිල්පනී දමිතා අබේරත්නගේ සුවදුක් විමසාබැලීම සදහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන්ද කටයුතු කළා. එමෙන්ම ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මහත්මිය ද බන්ධනාගාරයට පැමිණ.දමිතා අබේරත්න මහත්මියගේ සුවදුක් විමසා බැලුවා.
The post ළහිරු වීරසේකර ඇප මත නිදහස් appeared first on ITN News.
Post a Comment