Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීන රේගු පොදු පරිපාලනයේ දත්ත වලට අනුව, මේ වසරේ මුල් මස 8 තුළ චීනයේ අපනයන හා ආනයන වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 27.3ක් ඉක්මවා ගොස් ඇත  

Add comments

චීන රේගු පොදු පරිපාලනයේ දත්ත වලට අනුව, මේ වසරේ මුල් මස 8 තුළ චීනයේ අපනයන හා ආනයන වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 27.3ක් ඉක්මවා ගොස් ඇත. එය පසුගිය වසරේ සමාන කාල සීමාව හා සැසඳීමේදී සියයට 10.1ක වැඩි වීමකි. එහි, අපනයන වර්ධන අනුපාතය සියයට 14.2ක් වන අතර ආනයන වර්ධන අනුපාතය සියයට 5.2කි. ගෝලීය ආර්ථික වර්ධනය මන්දගාමී වී විදේශීය ඉල්ලුම් දුර්වල වීමේ පසුබිම යටතේ, මුල් මාස අට තුළ චීන විදේශ වෙළඳාමේ ස්ථාවර වර්ධනයෙන් චීන ආර්ථීකයේ ජීව ශක්තියේ සහ ඔරොත්තු දීමේ සුවිශේෂී ලක්ෂණ පිළිබිඹු කෙරේ. එය දුෂ්කර ජයග්‍රහණයකි.
විදේශ වෙළඳාම චීන ආර්ථිකය නිරීක්ෂණයේ පරාමිතියකි. සංකීර්ණ හා දරුණු බාහිර පරිසරයක් පැවතියද, චීනයේ විදේශ වෙළඳාම මුල් මාස අට තුළ ස්ථාවර වර්ධනයක් අත්කර ගෙන ඇත. චීනයේ දිගු
කාලීන ආර්ථික වර්ධනයේ යහපත් ඉදිරි දැක්ම වෙනස් වී නොමැති බව ඉන් පෙන්නුම් කෙරේ. කාර්මික දාමයේ සහ සැපයුම් දාමයේ වාසි තවමත් පැහැදිලිය. මෙම වාසි, අනෙක් අතට විදේශ වෙළඳාමේ
වර්ධනයට ප්‍රබල සහායක් සපයන අතර චීන විදේශ වෙළඳාමේ අවිනිශ්චිතතාවයන්ට මුහුණ දීමේ හැකියාව ද වැඩි දියුණු කරයි.

22 වැනි චීන ජාත්‍යන්තර ආයෝජන සහ වෙළෙඳ සාකච්ඡා සභාව 8වැනිදා අග්නිදිග චීනයේ ෆුජියන් පළාතේ දී පැවැත්විණ. එම සාකච්ඡා සභාවට රටවල් හා ප්‍රදේශ 70ක ව්‍යවසායන් මාර්ගගත හෝ මාර්ගගත නොවන ලෙස සහභාගි විය. මෙය ජාත්‍යන්තර වෙළඳාම සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය ලෝකයට සපයන තවත් පොදු වේදිකාවකි. චීනයේ ශක්තිමත් විදේශ වෙළඳාම සැම විටම ලෝක ආර්ථිකය ඉහළ නැංවීමට ප්‍රබල පිටුබලයකි.

The post චීන රේගු පොදු පරිපාලනයේ දත්ත වලට අනුව, මේ වසරේ මුල් මස 8 තුළ චීනයේ අපනයන හා ආනයන වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 27.3ක් ඉක්මවා ගොස් ඇත appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG