Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාස්කු ප්‍රහාරය ගැන හොයන්න ස්කොට්ලන්ඩ්යාඩ් ගේන හැටි ජනපති හෙළි කරයි  

Add comments

ශ්‍රී ලංකාව තරගකාරී  අපනයන  වෙළදපොල වෙත ලගා වීම කෙරෙහි අවධානය යොමු කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජාත්‍යන්තර සංවර්ධනය සදහා වන යුඑස්එයිඩ් පරිපාලන නිලධාරිනී සමන්තා පවර් මහත්මිය සමග පැවැති හමුවේ දී ජනාධිපතිවරයා මේ  බව අවධාරණය කළා.

පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශන වෙනුවෙන් ස්කොට්ලන්යාඩ් සහාය ගැනීමට කටයුතු කරන බව ද මෙහි දී ප්‍රකාශ කෙරුණා. නව ත්‍රස්ත විරෝධී පනතක් ගෙන ඒමට සහ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අවශ්‍ය දේශපාලන එකඟතාවන් සහිතව කටයුතු කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ජාත්‍යන්තර සංවර්ධනය සදහා වන යුඑස්එයිඩ් පරිපාලන නිලධාරිනී සමන්තා පවර් මහත්මිය ජනාධිපති කාර්යාලයේ දී   ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවුණා. වත්මන් ආර්ථික අභියෝග හමුවේ ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවිත යතා තත්වයට පත් කරමින් යළි ගොඩ නැගීමට එක්සත් ජනපදය සහාය ලබා දෙන බවයි සමන්තා පවර් මහත්මිය ප්‍රකාශ කළේ. විදෙස් වෙළදපල පදනම් කරගත් තරගකාරී සහ අපනයන ආර්ථිකයක් වෙත ශ්‍රී ලංකාව ප්‍රතිපත්ති සකස් කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. කර්මාන්ත,  කෘෂිකර්මාන්ත සහ අනෙකුත් ක්ෂේත්‍ර සදහා තාක්ෂණ නවීකරණය සිදුකිරීම තුළින් දේශීය කර්මාන්තකරුවා සහ ගොවි ප්‍රජාව තාක්ෂණයෙන් සවිමත් කිරීමට හැකිවන බව රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නා. 2048 වන විට ශ්‍රී ලංකාවට සමෘද්ධිමත් ජාතියක් බවට පත් කිරීමේ අරමුණින් ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත 25 වසරක වැඩසටහන වෙනුවෙන්  යුඑස්එයිඩ්ස් සහාය අත්‍යාවශ්‍ය බවයි ජනාධිපතිවරයා සදහන් කළේ. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර පාර්ලිමේන්තු අධීක්ෂණ කටයුතු නැවත සක්‍රිය කිරීමට ද පියවර ගෙන තිබෙනවා. නව ත්‍රස්ත විරෝධී පනතක් ගෙන ඒම මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අවශ්‍ය දේශපාලන එකඟතාවන් සහිතව කටයුතු කරන බව මෙහි දී ප්‍රකාශ කෙරුණා. ඒ වෙනුවෙන් මාස හයක කාලයක් සියලු පක්ෂ වෙත ලබා දී ඇති අතර එසේ සිදු නොවෙනවා නම් ජනමත විචාරණයක් මගින් ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.  දේශපාලන පක්ෂවලට මුවා වී මෙම කරුණු කල් දැමිය නොහැකි බවයි. ජනාධිපතිවරයා අවධාරණය කළේ. ජන සභා ක්‍රමය ශක්තිමත් කරමින් ජනතාවගේ අදහස් රටේ ප්‍රතිපත්ති සදහා දායක කර ගැනීමේ ක්‍රමවේදයක් සකස් කර ගැනිමට නියමිතයි.  පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබද විමර්ශනය වෙනුවෙන් තාක්ෂණික සහ අනෙකුත් සහාය සදහා ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසියේ සහාය ලබා ගැනීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සදහන් කළා.

තවත් ඩොලර් මිලියන 60ක ආධාර ශ්‍රී ලංකාවට පිරි නැමීමට කටයුතු කරන බවයි සමන්තා පවර් මහත්මිය ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකා ජනතාව පත්ව ඇති තත්වයට උපකාර කිරීම සදහා එක් වූ බවයි ඇය ප්‍රකාශ කළේ. රටේ පෞද්ගලික අංශයේ හැකියාවන් මුදා හැරීමට පියවර ගත යුතු බවත් ඒ සදහා එල්ල වන බාධා අවම කරගත යුතු බවත් සමන්තා පවර් මහත්මිය කියා සිටියා. ශ්‍රී ලංකාව වෙත නව ආයෝජන ලබා දීම සදහා උනන්දු කරවීමට තම රට සැම විටම කටයුතු කරන බවට ඇය සහතික වී තිබෙනවා.

 

 

 

 

 

The post පාස්කු ප්‍රහාරය ගැන හොයන්න ස්කොට්ලන්ඩ්යාඩ් ගේන හැටි ජනපති හෙළි කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG