Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අගමැති සහ තුර්කි තානාපති අතර හමුවක්  

Add comments

ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති රකිබෙ ඩි‍බෙට් මහත්මිය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්මිය හමු වී සාකච්ඡා පැවැත්වුණා. රජයේ නව වීසා ක්‍රමවේද සහ ආයෝජන රෙගුලාසි මෙරට ව්‍යාපාර සිදු කිරීම පහසු කරනු ඇතැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.

අග්‍රාමාත්‍යවරයා සහ තුර්කි තානාපති අතර හමුව අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වුණා. දිගුකාලීන නේවාසික වීසා ලබාගැනීමේදී තුර්කි ව්‍යාපාරිකයන් පෙර මුහුණදුන් දුෂ්කරතා පිළිබද තානාපතිවරිය අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළා. කෘෂිකාර්මික පුනර්ජනනීය බලශක්ති ධීවර ඇතුළු ක්ෂේත්‍ර රැසක ආයෝජනය කිරීමට තුර්කිය අවස්ථාව ඇති බව අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කළා. ඖෂධ මෙන්ම ශල්‍ය උපකරණ දැනටමත් ශ්‍රී ලංකාවට ලබාදී ඇති  බව ප්‍රකාශ කළ තානාපතිවරිය තවත් ඖෂධ තොගයක් ලබන සතියේ මෙරටට ලබාදීමට නියමිත බව සදහන් කළා.

 

 

 

 

 

The post අගමැති සහ තුර්කි තානාපති අතර හමුවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG