Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකාවේ නිව්යෝක් නගරයට හදිසි තත්වයක්  

Add comments

පොලියෝ වෛරසය පවතින බවට සාධක හමුවීමත් සමග ඇමරිකාවේ නිව්යෝක් නගරයට හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

නිව්යෝක් නගරයේ අප ජලයෙහි පෝලියෝ වෛරසය පවතින බවට සාධක හමුවී ඇති බව නිව්යෝක් සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා. ඒ සමගම නගරයේ තුළ පෝලියෝ වෛරසය පැතිරයාමේ අවධානමක් පවතින බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ. ඒ හේතුවෙන් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කෙරුණා. 1955 වසරේ ඇමරිකාවෙන් පෝලියෝ රෝගීන් බහුලව වාර්තා වූ අතර ඒත් සමගම එන්නත්කරණය ආරම්භ කලා. පසුව 1979 වසරේ දී ඇමරිකාවෙන් පෝලියෝ රෝගය තුරන් කළ බවයි ඔවුන් නිවේදනය කළේ. නිව්යෝක් නගරයේ පෝලියෝ වෛරසයට එරෙහිව එන්නත්කරණය පහළ මට්ටමක පැවතීම වෛරසය යලි ව්‍යාප්ත වීමේ අවධානමක් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. ඒ හේතුවෙන් වෛරසයට එරෙහි එන්නත් ලබා ගන්නා ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

 

 

 

The post ඇමරිකාවේ නිව්යෝක් නගරයට හදිසි තත්වයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG