Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ටියුනීසියාවේ බෝට්ටු අනතුරකින් සංක්‍රමණිකයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

ටියුනීසියාවට ආසන්න මුහුදු කලාපයේ සිදු වූ බෝට්ටු අනතුරකින් සංක්‍රමණිකයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

අනතුරෙන් බෝට්ටුවේ ගමන් ගත් තවත් පුද්ගලයින් 12 දෙනෙකු අතුරුදන්ව ඇති අතර එහි ගමන් කළ 14 දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට සමත් වූ බවයි ටියුනීසියා වෙරළාරක්ෂක නිලධාරීන් සදහන් කරන්නේ. අනතුරට පත්වන අවස්ථාවේ බෝට්ටුවේ 37 දෙනෙකු ගමන් කරමින් සිටි බව ද සදහන්. ඔවුන් ඉතාලියට ඇතුල් වීම සදහා ගමන් කරමින් සිට ඇති බව වෙරළාරක්ෂක කණ්ඩායම් පවසනවා. මෙලෙස අනාරක්ෂති ආකාරයෙන් ගමන් කර සරණාගතයින් දහසකට අධික සංඛ්‍යාවක් මෙම වසර තුළ දී පමණක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ජගත් සංවිධානයේ සරණාගතයින් සදහා වූ ජාත්‍යන්තර සංවිධානය නිවේදනය කරන්නේ. එමෙන්ම පනස් දෙදහසකට අධික සංඛ්‍යාවක් නීති විරෝධීව යුරෝපයට ඇතුළු වී ඇති බවද සදහන්.

 

 

The post ටියුනීසියාවේ බෝට්ටු අනතුරකින් සංක්‍රමණිකයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG