මෙතෙක් ජල බිල්පත් පියවා නොමැති මැති ඇමතිවරුන්ගේ ජල සැපයුම විසන්ධි කිරීමට සැළසුම් කර තිබෙනවා.
ඒ අනුව තවත් මාස දෙකක් තුළ අදාළ බිල්පත් පියවීමට කටයුතු නොකරන්නේ නම් එම මැති ඇමතිවරුන්ගේ ජල සැපයුම විසන්ධි කරන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පත්මනාථ මහතා පවසන්නේ.
කතානායකවරයා මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමෙන් පසු ජල බිල්පත් නොගෙවූ මන්ත්‍රීවරුන්ගේ ලේඛණයක් ලබා දෙන ලෙස දැනුම් දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් මාස දෙකක් ඇතුළත බිලපත් නොගෙවන්නේ නම් ජල සැපයුම විසන්ධි කරන ලෙසයි කතානායකවරයා දැනුම් දී ඇත්තේ.
පසුගිය අගෝස්තු මාසය තුළ පමණක් ජල බිල්පත් නොගෙවූ ජල සැපයුම් 21,000 කට අධික සංඛ්‍යාවක් විසන්ධි කිරීමට ද පියවර ගත් බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා සදහන් කර තිබෙනවා.
The post ජල බිල්පත් ගෙවා නොමැති මැති ඇමතිවරුන්ගේ ජල සැපයුම විසන්ධි කිරීමට තීරණය කෙරේ appeared first on ITN News.
Post a Comment