බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුට විරෝධය පළකළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගත්තා.
නව රජුගේ පත්වීමට විරෝධය දක්වමින් පුද්ගලයින් දෙදෙනෙකු තම අදහස් ප්‍රකාශ කළ අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීම භාෂණයේ නිදහස උල්ලංඝනය කිරීමක් ලෙසයි මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙන්නේ. තුන්වන චාල්ස් රජුගේ නව රාජාණ්ඩුව ප්‍රකාශයට පත්කිරීමේ උත්සවයෙන් අනතුරුවයි මෙය සිදුව ඇත්තේ. එමෙන්ම පසුගියදා ඔක්ස්ෆර්ඩ් හිදී හා එඩින්බර්ග් හිදී ද පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ට සාමය කඩ කිරීමේ චෝදනා එල්ලකර තිබෙනවා. තුන්වන චාල්ස් රජුට විරෝධය පළකරන පිරිස් ප්‍රශ්න කරන්නේ ඔහුව රජු ලෙස තෝරා පත්කර ගත්තේ කවුරුන්ද යන්නයි. ඒ සමගම දෙවන එළිසබෙත් රැජිණගේ අභාවයෙන් පසු රාජාණ්ඩු විරෝධී මතයක් ලොව පුරා ගොඩනැගෙමින් පවතින බව විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.
The post බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුට විරෝධය පළකළ දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment