නොච්ච්යාගම නගරය අසන්නයට පැමිණි සිටි හඳුන් දිවියෙකු වනජීවි නිලධාරීන් විසින් විල්පත්තු රක්ෂිතයට රැගෙන ගොස් තිබෙනවා.
නොච්ච්යාගම සති පොල අසලට ප්‍රදේශයේ සිටි මෙම හඳුන් දිවියා දුටු ජනතාව වහාම නොච්චියාගම ප්‍රාදේශීය ලේකම්තුමාට හා වනජීවි වනජීවී කාර්යාලයට දැනුම් දී තිබුණා.
ඉන්පසු වනජීවි කාර්යාලයෙන් පැමිණ වැතිර සිටි හඳුන් දිවියා අල්ලා නිර්පද්‍රිතව රැගෙන යාමට කටයුතු කළා.
මෙම හඳුන් දිවියා ඉතා මන්දගාමී අන්දමින් හැසිරුණු බවත් යම්කිසි රෝගීන් පෙළෙන ආකාරයක් දකින්නට තිබුණු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
The post නොච්ච්යාගම සති පොල අසලට පැමිණි හඳුන් දිවියා appeared first on ITN News.
Post a Comment